mediahumanrights.lk
Local News News

යුනියන් පෙදෙසේ අටවන මහලකින් වැටී චීන ඉංජිනේරුවෙක් මිය යයි…

යුනියන් පෙදෙසේ ඉදිකරමින් ඇති නිවාස සංකීර්ණයක අටවැනි මහලින් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරන්නේ මෙම චීන ජාතිකයා එම ගොඩනැගිල්ලේ ඉංජිනේරුවකු ලෙස සේවය කරන 24 හැවිරිදි තරුණයෙකු බවය.

ඉදිකිරිම නිරීක්ෂණය කරමින් සිටියදී එම ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබින.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබූ බව පොලිසිය කියා සිටී.

Related posts

හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑ

Shiran Viraj

කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවා

Shiran Viraj

වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…

Shiran Viraj