2026-08-18
mediahumanrights.lk
Local NewsNews

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj
Translate »