mediahumanrights.lk
Local News News

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලා

Shiran Viraj

මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ – හෂිනි අමේන්ද්‍රා කථා කරයි

Shiran Viraj