23.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ – කුමාර් සංගක්කාර

යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිමට හැකියාව ඇත්තේ සාමාන්‍ය පුරවැසියන්ට හැකි බවත් වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක්‍රියාකාරිත්වය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ප්‍රකාශ කර සිටිනවා.

ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අමෙරිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින විරෝධතාවයන්ට ශ්‍රී ලාංකිකයින්ද සහය පළ කිරිමත් සමග කුමාර් සංගක්කාර මෙසේ සිය අදහස් පළකර සිටියා.

” වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව අමෙරිකාවේ ඇතිව තිබෙන මෙම ක්‍රියාකාරිත්වය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් වනවා. අමෙරිකාවද, ශ්‍රී ලංකාව යන්න නොවේ, අප ලොව කුමන රටක ජිවත් වුවත් අපගේ සංවේදීතාවන් සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය නොවේ. එහි තේරිම කළ යුත්තේ ඔබයි මමයි.

අපගේ බුද්ධිය, දයානුකම්පාව, සංවේදනය සහ අවබෝධය ගැන තීරණ ගත යුත්තේ රජය විසින් නොවෙයි. ඒ වගේම වෙනස්කම් වලට ගරු කිරීමට අපිට ඇති අවස්ථාවලත් රජය විසින් කිසිවිටෙක සීමා නොකළ යුතුයි.

ජනතාව හැටියට එය තෝරා ගන්නේ අපයි. අපගේ නියෝජිතයින් කව්රුන්ද යන්න අප අතරින්ම තෝරා ගන්නෙමු. ඔවුන් රජයට එන විට ඔවුන්ගේ චරිත ලක්ෂණ වගේම ගේ ඔවුන් ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ අපයි. ඔවුන්ගේ ක්‍රියාවන්ට බලපානු ලබන්නේ අපගේ බලපෑම සහ වටපිටාවයි.

අපගේ තේරිම් රජයේ ආකල්ප, ක්‍රියාකාරකම්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා මග පෙන්වනු ලබනවා. හොඳ රජය සහ හොඳම සාධාරණ පාලනය ස්ථාපිත කිරිමට නම් අප වඩාත් හොඳ පුද්ගලයින් විය යුතුයි.

අපගේ ශක්තින් සහ දුර්වලතාවයන් අප තෝරා පත් කරගනු ලබන නියෝජිතයින් ගේ හැසිරීමෙන් පිළිබිඹු කරනවා.

ගෞරවය, අවබෝධය සහිත යහපත් වෙනස්කම් සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරිම සඳහා සාමාන්‍ය පුරවැසියන් වන අප සියලු දෙනාට එක්ව කටයුතු කළ යුතු වනවා.

ඒ වෙනුවෙන් අප ධෛර්යවත්ව සිටීම ඉතා වැදගත්. ඒ සඳහා වන ගමනට ක්‍රියාශීලිව විශ්වාසවන්තව සියලු දෙනා එක්විය යුතුයි.

හෙට අපගේ දරුවන්ට උරුම වන සංස්කෘතිය අද අපගේ තේරීමයි.

අපට අපගේ ජීවිත ගැන ආඩම්බර වීමට නම් අපේ උරුමය ඉදිරියට ගෙන යෑමට අපගේ දරුවන් ක්‍රියා කරන්නේ නම් අපි වඩාත් යහපත් විය යුතුයි. අපේ දරුවන් වෙනුවෙන් වඩාත් යහපත් විය යුතු බවට අප අපෙන්ම ඉල්ලා සිටීමයි වැදගත් වන්නේ.”
(under the courtesy of nethnews.lk news web)

Related posts

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Shiran Viraj

Travel News – How this family of 3 can afford to travel the world year-round

Shiran Viraj

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj
Translate »