2026-01-13
mediahumanrights.lk
NewsPolitical

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසන මෙම පිරිස සිය තීරණයන් දැනටමත් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයිද දැනගන්නට ඇත.

ඉන් වැඩි දෙනෙක් සඳහන් කර ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණයට තරග නොකරන බවත් ඉන්පසු තම ව්‍යාපාර කටයුතු හෝ වෘත්තීයමය කටයුතුවල යෙදෙන බවය.

මෙම පිරිසෙන් බහුතරයක් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන අතර තවත් කිහිප දෙනෙක් ඉහල තනතුරු දරන අයයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj

සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැසට් කිරිමට සූදානම්

Shiran Viraj

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්"හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Shiran Viraj
Translate »