mediahumanrights.lk
News Political

“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි.

එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් අද දිනයේ කැබිනට් රැස්වීම පවත්වන බව අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළා.

ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා. 

එහිදී ” ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද දිනට නියමිත කළා. ජනාධිපතිතුමා ඉල්ලනවා නම් ජනවාරි 08 වැනිදායින් පස්සේ ජනාධිපතිවරණයකට යන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පෙරමුණක් හදලා ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න සංවිධානය කරගෙන යනවා.” යනුවෙන් සඳහන් කළා. 

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ කටයුත්ත වී ඇති බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

Shiran Viraj

දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

Shiran Viraj

Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

Shiran Viraj