28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…

රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ, ජනාධිපතිවරයා මෙම තත්ත්වයට අත නොදමන බවයි.

ඔහු සිය සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මුලින්ම ධවල පත්‍රිකාවක් ලෙස හෝ ඉදිරිපත් කර සාකච්ඡා කළ යුතුව තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් සෝලිය මහතා සෘජුවම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට චෝදනා එල්ල කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමඟ විවිධ පාර්ශවයන් විසින් දැඩි චෝදනා සහ විරෝධතා මතු කරමින් සිටින පසුබිමක, ආණ්ඩු පාර්ශවයෙන් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයන්හි ද පරස්පරතා දක්නට ලැබීම මෙම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇත.

මෙම තත්ත්වය තුළ, ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙබඳු දිශානතියක් ගනීවිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ.

Related posts

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

Shiran Viraj

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj
Translate »