mediahumanrights.lk
Local News News

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

අවුරුදු 27 ක සිට තිබෙන වැටුප් විෂමතාව තවමත් එලෙසම බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

” අවුරුදු 27ක් තිස්සේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට තිබුණු වැටුප් විෂමතාව තවත් වැඩි වීමක් මේ අය-වැය හරහා සිද්ධ වෙලා. ඒ නිසා විදුහල්පති දීමනාව වැඩි කරන්න, වැටුප් වර්ධන සම්බන්ධ ගැටලු සියල්ල විසඳන්න, දුරකථන දීමනාව ඇතුළු අනෙකුත් දීමනා මේ අය-වැයෙන් ලබා දෙන්න. මෙන්න මේ ඉල්ලීම් මුල් කරගෙන ලංකාවේ සියලු ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් අය-වැය අවසානයට පෙර කොළඹට කැඳවන්න විධායක සභාව තීන්දු කරලා තිබෙනවා.”

Related posts

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj

විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැනීම අවසන් කරමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ…

Shiran Viraj

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට

Shiran Viraj