mediahumanrights.lk
Local NewsNews

රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයට

රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතර ඇදිරි නීතිය ඉවත් කළද බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් විවෘතව නොතිබීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවට පත්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම සිදුවීම හේතුවෙන් අද පැවති බණ්ඩාරවෙල මහ නගර සභා විශේෂ රැස්වීමේදී ද උණුසුම් තත්ත්වයක් හටගත් බව අද දෙරණ ප්‍රාදේශිය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

Shiran Viraj

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

Shiran Viraj
Translate »