mediahumanrights.lk
NewsPolitical

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

Shiran Viraj

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

Shiran Viraj
Translate »