mediahumanrights.lk
Local NewsNews

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (22) මෙරට වෙලාවෙන් පස්වරු 6:25 ට පියවි ඇසින් දැක ගත හැකි අයුරින් ශ්‍රී ලංකාවට දිස්වන බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය පවසන පරිදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහසුවෙන් දැකගත හැකි අහසෙහි ඇති තෙවන දීප්තිමත් වස්තුවයි.
සැතපුම් දහස් ගණනක් ඉහළ අහසේ වේගයෙන් ගමන් කරන ගුවන් යානයක් සේ මෙය පියවි ඇසින් දැකබලා ගත හැකි බව නාසා ආයතනය කියයි.
දේශීය වේලාවෙන් පස්වරු 6:25 ට මෙය නිරිත දිග අහසෙහි දැක ගැනීමට ලැබෙන අතර විනාඩි 5 ක උපරිම කාලයක් මෙය ශ්‍රී ලංකා වාසීන්ට නැරඹිය හැක.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj

දෙවන පාසල් වාර නිවාඩුව ගැන නිවේදනයක්

Shiran Viraj

එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්

Shiran Viraj
Translate »