26.1 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNews

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයි

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.
එම අධිකාරිය සඳහන් කළේ, එවැනි වෙළෙඳුන්ට එරෙහිව නඩු පවරන බව ය.
වැටලීම් සඳහා දිවයින පුරා නිලධාරීන් යොදවා ඇති බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
ඊයේ රජය විසින් ප්‍රකාශයට පත් කළ සහල් පාලන මිල ගණන් වලට අනුව ආනයනික මෙන්ම දේශිය සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වේ.
නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72ක් වන අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 70ක මිලකට යටත් ව අළෙවි කළ යුතු වේ.

Related posts

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයට

Shiran Viraj

මැච් එක දින්න සතුට මෙල්බර්න් මෙට්‍රො දුම්රියේදී දෝරෙ ගැලුව හැටි

Shiran Viraj

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj