mediahumanrights.lk
Local News News

පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…

අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම කාන්තාව අත්අඩංගුවට ගත් බව කියයි.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තම ස්වාමියා සේවයට ගොස් නිවසට පැමිණෙන විට රැගෙනඑනආපැට්‍රල් තොගමෙලෙස අලෙවි කරනබවයි.

පැට්‍රල් බෝතලයක් රු.800 ක මුදලකට පොලිස් උපාය දූතයෙකු විසින් මිලදී ගැනීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කර පෙට්‍රල් බෝතල් තොගය හා එම කාන්තාව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්ම කුමාර මහතා පැවසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

කෝලිව විවේක ගැන්වීමට සැළසුම්

Shiran Viraj

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Shiran Viraj

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි විරෝධතා..

Shiran Viraj