mediahumanrights.lk
News Political

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීමට රජයේ අවධානය යොමුකර ඇත. ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර තිබේ.

එම සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා විවාදයේදී සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි.

අධ්‍යයන කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (15 වැනිදා) භාරදී තිබේ. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් විසිනි. ජනතාව සහ ජාතික සංවිධාන ඉදිරිපත් කළ යෝජනා කමිටුව විසින් අධ්‍යයනය කර සංශෝධන ඇතුළත්ව වාර්තාව සකස් කර තිබේ.

මෙම කමිටු වාර්තාව අගමැතිවරයා අද (16 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

lanka lead news

Related posts

විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

Shiran Viraj

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩු

Shiran Viraj

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj