mediahumanrights.lk
Local News News

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

MV Wakashio නම් මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙක් වන සුනිල් කුමාර් නන්ඩේෂ්වර් කටයුතු කොට ඇති අතර එහි දෙවන නියමු නිලධාරියා ලෙස කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වර්තා කර සිටියේ.

මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචන්ඩත්වය යටතේ මෙම නිලධාරින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මොරිෂස් පොලිසිය සඳහන් කළේ.

ඉකුත් ජුලි මස 25 වෙනිදා කොරල් පරයක ගැටීමෙන් සතියකට පසුව නෞකාවේ තිබු ඉන්ධන ටොන් 1000ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේ වන විට පාරිසරික ගැටළු රැසක් මතුවී තිබෙනවා.

මෙම නෞකාව සිංගප්පුරුවේ සිට බ්‍රසීලය බලා ගමන් කරමින් තිබු බවට වාර්තා වී ඇති නමුත් මේ අයුරින් ගොඩබිමට ආසන්නයෙන් ගමන් කිරිමට හේතුව කුමක්ද යන්න තහවුරු කර ගැනීමට මොරිෂස් බලධාරින් සඳහන් කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයි

Shiran Viraj

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Shiran Viraj

විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්

Shiran Viraj