mediahumanrights.lk
Local News News

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන වියේ පසුවිය.
අසුව දශකයේ මුල් භාගයේ යොවුන් මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පත හා සම්බන්ධ වූ ඔහු ඉන් විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ පදවිය හෙබවීය.
ඔහු විසින් ලියන ලද නවකතා අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර ඒවායෙන් පුද්ගල මනෝභාවයන් සේම සමාජ විවරණයන්ද සියුම් අයුරින් ඉදිරිපත් වු බව විචාරකයන්ගේ පොදු අදහස විය.
දේහය දැනට රාගම කුරුකුලාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සිදු කිරීමට නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි

Shiran Viraj

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

Shiran Viraj

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

Shiran Viraj