mediahumanrights.lk
Local News News

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ, විශේෂ ආරක්ෂක දිසාවේ සිට මධ්‍යම හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
වයඹ හා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම මධ්‍යම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජගත් අබේසිරිගුණවර්ධන, වයඹ හා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබෙනවා.
ස්ථාන මාරුවීම් ලද අනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ඩබ්ලිව්. එෆ්. යූ. ප‍්‍රනාන්දුයි. දකුණ, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම ඌව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, දකුණ හා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්න

Shiran Viraj

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj

අලුගොල්ල කන්දේ හටගත් ගින්න මැඬ පවත්වයි

Shiran Viraj