mediahumanrights.lk
News Sports Sports News

අවසන් දිනයේ තරගය තීරණාත්මක වෙයි (UPDATE)

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (02) අවසන් දිනයයි.
ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 419 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම ලකුණු 422 ක් රැස් කළා.
ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ලකුණු 66 ක් ඉදිරියෙන් සිටිනවා. ඊයේ දිනය නිමාවනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් ලබා සිටි අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 2 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිඩා ලෝලීන්ට තවදුරටත් බලාපොරොත්තුවක් තැබිය හැකි ලෙස පන්දුවට පහරදීමට නියමිතව සිටින්නේ නිරෝෂන් දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා පමණයි.
ඒ අනුව මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අද දිනයේ සිය කඩුලූ ආරක්‍ෂා කර ගෙන පන්දුවට පහරදීම වැදගත් වනු ඇති.
පාකිස්තානු පන්දු යවන්නන් ශී‍්‍ර ලංකා මුල්පෙළ බිඳ දමයි (UPDATE)
(01-10-2017 19:13)
පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 4 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක් ලබා සිටි අතර සුරංග ලක්මාල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියා.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 10 කට දැවී ගිය අතර කෞෂාල් සිල්වා ලකුණු 25 කට දැවී ගියා.
ලහිරු තිරිමාන්න දැවි ගියේ ලකුණු 7 කටයි. පළමු ඉනිමේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 7 ක් පමණයි.
පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 422 ක් රැස් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6 ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 63 ක් ඉදිරියෙන් සිටිනවා.
පාකිස්තාන පිල ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යයි (01-10-2017 16:05)
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යාමට සමත් වුණා.
ඒ අනුව  පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 422 ක්  ලබා ගත්තා
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු  ඉනිමේදී රැස් කළේ ලකුණු 419 ක් පමණයි.
6 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි හැරිස් සොහෙල් නොදැවී ලකුණු 76 යි. අනෙක් අන්තයේ ක්‍රීඩා කළ මොහොමඞ් අබ්බාස් නොදැවී එක් ලකුණක් ලබා සිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Shiran Viraj

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

Shiran Viraj

ඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…

Shiran Viraj