mediahumanrights.lk
Local News News Political

බැසිල්ට එරෙහි නඩුව – විත්ති පාර්ශවයට සාක්ෂි සටහන් ලැබී නැහැ

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය.
එහිදි විත්තිකාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් නිසි පරිදි විත්ති පාර්ශවයට ලබා දී නොමැති බවය.
අදාළ සාක්ෂි සටහන් ලබාදීමට කටයුතු කරන බවට නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පොරොන්දු වී තිබේ.
ඒ අනුව නඩු විභාගය ජුලි මස 26 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

Shiran Viraj