26.1 C
Colombo
2025-07-29
mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

ESPNcricinfo වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග තමාට සිදුවූ කැපිලි කෙටිලි ගැන චෝදනා මුඛයෙන් අදහස් දක්වා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බවත් පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී කියා සිටියා.
තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද පසුගිය වසර කිහිපය තුළ තමන් අසාර්ථක වූයේ එක් ටෙස්ට් ඉනිමකදී පමණක් බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමෙන් ඉවත් කිරීම කණගාටුවට හේතුවක් වූ බවත් ඔහු පවසා ඇත.

Related posts

කුඩා තේ වතු හිමියන් 200 කට රක්ෂණ වන්දි

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Shiran Viraj