mediahumanrights.lk
Local News News

හෙරොයින් මත්කුඩු කිලෝ දහතුනේ සැකකරු අද අධිකරණයට

හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රැම් 13ක් සමග ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු සැකකරු අද (7) මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනවා.
පොලිසිය පැවසුවේ  මේ වන  විට සැකකරුගෙන් මූලික ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
‘‘ජපන් චූටි‘‘ නැමති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ.
සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව ග‍්‍රෑන්ඞ්පාස් වදුල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක්ද ඊයේ පරික්ෂාවට ලක් කෙරුණා.
එම නිවස ජපන් චූටි නැමැත්තාගේ නෑදෑයෙකුට අයත් බවයි පොලිසිය පැවසුවේ.
එම නිවසේ තිබී  රුපියල් මිලියන 36කට ආසන්න මුදලක්ද සොයා ගැණුනා.
එය මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදලක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ

Related posts

විද්‍යා ඝාතන ප්‍රධාන සැකකරු මුදාහල බව කියන DIG යළි රිමාන්ඩ්

Shiran Viraj

දෙමළ සන්ධානයේ ඉලක්කය ගැන හෙළි කරයි

Shiran Viraj

ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙති

Shiran Viraj