mediahumanrights.lk
Local News News

සම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..

දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ.

අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික තරුණයකු තරුණියක් ඊට ඇතුළු වීමට උත්සාහ කරන අතර බැංකු ආරක්‍ෂකයන් විසින් නීති රකිමින් ඇතුළු වන ලෙස ඉල්ලා සිට ඇත.

නමුත් ඊට ඒ සම්බන්ධයෙන් ඔවුන් මත ගැටුමක් ඇති කරගෙන ඇති අතර එය සමාජ ජාලාවන්ට මුදාහැර ඇත.

මේ අතර සම්පත් බැංකුව සමග සමීප ව්‍යාපාරික සබදකම් ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාතිවාදියෙකු ලෙස නොසලකන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහ බැංකුව නොතකයි.. පුද්ගලික මුල්‍ය ආයතනවල උකස් කල රන් බඩු කෙටි කලකින් සින්න කිරිමේ ජාවාරමක්..

Shiran Viraj

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

Shiran Viraj

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

Shiran Viraj