mediahumanrights.lk
Local News News

වෛද්‍යවරුන් අද වැඩවරයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
ඒ අනුව උදෑසන අටේ සිට පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.
ඒ සඳහා වෘත්තිය සමිති 100 කට අධික සංඛ්‍යාවක් සහාය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
එමෙන්ම, අද (07)ක්‍රියාමත්මක කිරිමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කලා.
මේ අතර, වැටුප් විෂමතා ඉවත් නොකිරීම සහ සේවක මර්දනයට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ දීපව්‍යාප්ත එක්දින සංකේත වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.
මේ අතර, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරී සංගමය හා කාර්මික නිලධාරී සංගමය ගෙන ගිය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සාකච්ඡා මගින් විසඳාගෙන තිබෙනවා.
මාස දෙකකට පමණ ආසන්න කාලයක් ඔවුන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වූ බවයි එම සංගමය සඳහන් කළේ.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙලෙස අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?

Shiran Viraj

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj

අපි රුසියාවෙන් තෙල් ගන්නවාට ඇමරිකාව කැමති නෑ…- GL

Shiran Viraj