mediahumanrights.lk
News Sports Sports News

විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයි

හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන විවේචනවලට ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ  එම ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා වැය වන සියලූ මුදල් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බවයි.

මෙම කී‍්‍රඩාංගණය ඉදිකිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා මූල්‍යමය ගැටලූවක් ඇති නොවන බවයි ක‍්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් සදහන් ඇත්තේ.

ක‍්‍රීඩාව සදහා පවතින ඉල්ලූම ඉහළ යාම හේතුවෙන් නාගරික පරිසරයක් තුළ විශාල ජනතාවකට නැරඹිය හැකි, පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ක‍්‍රීඩාංගනයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.  අයි.සී.සී ලෝක මට්ටමේ තරගාවලි සදහා සත්කාරකත්වය ලබා ගැනීමට නම් අවම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 25,000ත් 40,000ත් අතර පිරිසකට තරග නැරඹිය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගන පහක්වත් රට තුළ පැවතිය යුතු බවයි ක‍්‍රිකට් ආයතනය පවසන්නේ.

එවැනි ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීම හරහා රටට විශාල වශයෙන් මුදල් ගලා ඒමටද මග පෑදෙන බවද ශී‍්‍ර ලංකා ආයතනය සදහන් කළා. 2023  වසරේ සිට  2031 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධාන කරන ප‍්‍රධාන තරගාවලි ද්විත්වයකට සත්කාරකත්වය දැරීමට සදහා ශ‍්‍රී ලංකාව සූදානමින් සිටිනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ එහි මූල්‍ය ශක්‍යතාවය පිළිබද සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව මේ සදහා ආයෝජනය ඉදිරියට සිදු කරන්නේ කෙසේ දැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කරනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සදහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Shiran Viraj

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

Shiran Viraj

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj