mediahumanrights.lk
Local News News

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

11 වන විජයග්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ දෙවන PCR පරීක්ෂණයේ වාර්තාවන් මේ දක්වා ලැබී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු කණ්ඩයමක් ඉකුත් අප්‍රේල් මාසයේදී නිවාඩු ගොස් යලි කඳවුරු වෙත කැඳවා තිබු අතර ඔවුන්ව මරදාන ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට අසන්න කාලයක් නිරෝධායනයට ලක් කොට සිටි අයවලුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. එලෙස නිරෝධායනයට ලක් කොට තිබු පිරිස විජයග්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ අතර එහිදී මෙම සෙබළුන් දෙදෙනා පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස හෙළිවී තිබුණා.

මෙම සෙබළුන් පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කොට තිබීම සහ ඔවුන්ට පිටත සමාජයට නිරාවරණය නොවී තිබීමේ පසුබිමක් තුළ කොරෝනා ආසාදිතයින් බවට පත්වීම ප්‍රහේලිකාවක් වන නිසා ඔවුන්ගේ ජෛව සාම්පල් යලිත් වතාවක් PCR පරීක්ෂණයන්ට යොමු කොට ඇති බවත් එහි ප්‍රථිපල අද (21) රාත්‍රියේදී හෝ ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා නිලධාරීන් නිරෝධායනය සඳහා වෙනත් කඳවුරු වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් ද මේ වන විට ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය භට පිරිස් අනුයුක්ත කිරීම සිදු කරන බවත් මේ සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සමඟ සම්බන්ධීකරණය සිදුකරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

නාවික හමුදාවේ වාර්ථා වන කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් පුවත් පලකිරීමේදී සිදුකෙරෙන අනවශ්‍ය උලුප්පා පෙන්වීම් තුළ නාවික හමුදාවට සිදුවන අගතිය සම්බන්ධයෙන්ද මෙහිදී ඔහු විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. නාවික හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යට හානිකරමින් නාවික හමුදාව සම්බන්ධව ජනතා අප්‍රසාදය ඇතිකරන අන්දමට මාධ්‍ය විසින් වාණිජමය අරමුණු සහ ජනප්‍රියත්වය මුල් කරගෙන සිදුකරන අවිචාරවත් මාධ්‍ය වාර්ථාකරනය තුළ නාවික හමුදාවේ ජාතික වගකීම ක්‍රියාත්මක කිරීමේදී ඊට සිදුවන සෘජු හා වක්‍ර බලපෑම් පිළිබඳවද මාධ්‍ය ආයතන අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය. හමුදාවක ශක්‍යතාවයන් සඳහා සාමාජයීය ප්‍රතිරූපය ඉහළ වශයෙන් බලපාන බවත් සාමාජයීය මතයන් ගොඩනැංවීම තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන මාධ්‍යට මෙහි දී සාම්ප්‍රදායික වාර්ථාකරනයට එහා ගිය වගකීමක් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදිත රෝගීයෙක් වාර්තා වීමෙන් පසු ඔවුන්ගේ සමීපතමයින් සොයා නාවික හමුදාවේ බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුම අනුව තහවුරු කර ගත් ආසාදිතයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා කොළඹ නාගලගම් විදිය, කෙසෙල්වත්ත ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක සංචරණය කොට ඇති බවට කරුණු හෙළිවූ බවත් සෞඛ්‍ය අංශ සමග එක්ව වසංගතය පාලනය කිරීමට ක්‍රියා කළ බවද කියා සිටියා.

එසේ නොවන්නට එම කොරෝනා ආශ්‍රිතයින් හරහා සමාජය් තුල වෛරසය ව්‍යාප්තිය වීම තුල ඇතිවන්නට තිබූ අවධානම සාපේක්ෂව වැඩි අවධානමක් ලෙස තක්සේරු කරන බවින් එම අවධානම සාමාන්‍ය ජනසමාජයෙන් ඉවත් කොට ඇතිවන්නට තිබූ ව්‍යසනකාරී තත්ත්වය මගහැරීමට නාවික හමුදාව කටයුතු කල බවත් එම මෙහෙයුම අතරතුර නාවික හමුදා සාමාජිකයින් මෙලෙස කොරෝනා වෛරසයට නිරාවරණය වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj

සියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවී

Shiran Viraj