mediahumanrights.lk
International News News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට කමිටු වාර්තාව ජනපතිට…

Shiran Viraj

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම ගැන ගිවිසුමක් අත්සන් තබයි

Shiran Viraj

ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී

Shiran Viraj