mediahumanrights.lk
News Political

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දී

නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ දිවුරුම්දීමට නියමිතය තිබේ.

කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගත්තේය.

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Shiran Viraj

නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසි

Shiran Viraj

බරපතළ වංචා සම්බන්ධ ප්‍රධාන පැමිණිලි විභාග කිරීම කඩිනම් කරයි

Shiran Viraj