mediahumanrights.lk
Local News News

මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේය.

මෙහිදී අදහස් දක්වමින් කබ්රාල් මහතා කියා සිටියේ, තම ඥාතීන් අතුරින් කිසිවකුත් මෙයට සම්බන්ධයක් නොමැති බවත්, සම්බන්ධයක් තිබෙන එකම ඥාතියා රනිල් වික්‍රමසිංහ බවත්ය.

මෙහිදී සිය ඥාතීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

“වෝහාරික විගණන වාර්තාවේ කියනවා, මගේ පවුලේ අය හිටියා කියලා වෙනම තැන්වල. මම මේ ගැන ඩිව් ගුණසේකර මැතිතුමාගේ, කෝප් කමිටුවට ගිහිල්ලා මගේ පවුලේ අය ඔක්කෝමලා ගැන කිව්වා. මට මතකයි එතනදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ මේ අය මගේ පවුලේ ඉන්න අය. මම බොහොම පැහැදිලිව කිව්වා. ඒ ඉන්න අය මොන තනතුරු දරනවාද, ඒ අය ඒ තනතුරුවලට පත්වුණේ කොහොමද කියලාත්, මම පෙන්නලා දුන්නා. මගේ මහ බැංකු අධිපතිධූරය නිසා නෙමෙයි, ඒ එක්කෙනක්වත් ඒ තනතුරුවලට පත්වෙලා තියෙන්නේ.”

නිහාල් ෆොන්සේකා – එයා බැංකු ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෙක්. එයා HSBC බැංකුවේ ඉතාමත් ඉහළ තනතුරක් දරලා තිබුණේ, මම මහ බැංකු අධිපති වෙන්නවත් හිතලාවත් නැති කාලෙක. ඊට පස්සේ එයා DFCC බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ වෙලා හිටියා. ඒත් මම එන්න කලිං.

අමල් කබ්රාල් – එයා හැටන් නැෂනල් බැංකුවේ හිටපු අධ්‍යක්ෂ කෙනෙක් කියලා තමයි චෝදනා කරන්නේ. එයා හැටන් නැෂනල් බැංකුවට එන්න කලිං, යුනිලිවර් එකේ සභාපති.

ෂිබානි තම්බයියා – එයා රේණුකා හෝටල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ. එයා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්.

සුනිල් විජේසිංහ – මගේ නෝනාගේ අයියා. එයා NDB සභාපති කියලා තමයි කිව්වේ. ඊට කලින් එයා දංකොටුව පෝසිලේන් සභාපති. ඊට කලින් වටවල ප්ලානේටේෂන් සභාපති. මේ පත්කරලා තියෙන්නේ මම නෙමෙයි.

රනෙල් විජේසිංහ – එයා කළමනාකරණ උපදේශකවරයෙක්. එයා වරලත් ගණකාරධිකාරී ආයතනයේ හිටපු සභාපති. එයා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ කියන එක තමයි මට තියෙන චෝදනාව.

ධාරා විජේතිලක – මගේ නෝනාගේ අක්කා. එයා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්. ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ජනරාල්. එයා සම්පත් බැංකුවේ හිටියා කියලා තමයි මේ චෝදනාව මට ගේන්නේ.

චතුර කබ්රාල් – මගේ පුතා. එයා ඉංජිනේරුවෙක්. එයා බැංකු ක්ෂේත්‍රයේ කිසිම තැනක නැහැ. චෝදනාව තමයි, වැලිබල් පවර් එකේ සහ ෆෝට්රස් එකේ එයා අධ්‍යක්ෂ මණ්ඩලේ හිටියා කියලා. ඒක සම්බන්ධ කරනවා, ධම්මික පෙරේරාත් එක්ක, වෝහාරික විගණනයේ දී. ධම්මික පෙරේරා ගේ වැලිබල් ෆිනෑන්ස් එකේ ඕපනිං එකට මම ගියා කියලා ප්‍රධාන අමුත්තා හැටියට. එතටෙකාට කියනවා ධම්මික පෙරේරා මහත්තයාගේ කිංග්ස්බරි එක ඕපන් කරද්දී, ඒකට මම ගියාලු ප්‍රධාන අමුත්තා හැටියට. එකේ ප්‍රධාන අමුත්තා වුණේ එවකට හිටපු ජනාධිපතිතුමා, මම නොවෙයි. මම ගියේ සහභාගී වීමට.

ශිරෝමි වික්‍රමසිංහ – මගේ සහෝදරිය. එයා පර්පෙචුවල් කැපිටල් හෝලිංඩිග්ස් එකේ හිටියා කියලා තමයි චෝදනාව තියෙන්නේ. එයා ඒ ආයතනයේ ඉන්න කොට එක සතයක්වත් අරන් නැහැ. එයා මේ මගඩිය ගැන අහගත්ත පළවෙනි දවසෙම 2015 මාර්තු මාසේ 08 වෙනිදා එයා ඉල්ලා අස්වුණා හෝල්ඩිංග්ස් කම්පැනි එකෙන්. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් එකේ එයා හිටියේ නැහැ.

රෝෂණී කබ්රාල් – මගේ බිරිඳ. එයා හිටියේ ලංකා හොස්ලිට්ල් එකේ නියෝජ්‍ය සභාපති විදියට. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. එයාවත් මේකට සම්බන්ධ කරලා දාලා තියෙනවා.

රවී තම්බයියා – එයා DFCC බැංකුවේ හිටිය අධ්‍යක්ෂ කෙනෙක්. එයා රේණුකා හෝටල් සමූහයේ සභාපති. ඒක ලංකාවේ ලොකුම සමූහ සමාගමක්.

“මගේ පවුලේ අය ගැන මට විශ්වාසයි. මේ වාර්තාවේ පැහැදිලිව ලියලා තියෙනවා, පවුලේ අය සිටින බවට කිසිම සාක්ෂියක් නැහැ කියලා. මගේ පවුලේ අය වෘත්තීයමය අය. ඒ අය එසේ මෙසේ අයත් නෙමෙයි. ඒ ගැන කතා කරලා නැහැ මෙච්චර කල්. නමුත් දැන් කතා කරන්න සිදුවෙනවා.”

“මගේ පියා දොස්තර කෙනෙක්. වෛද්‍ය ලෙස්ලි කබ්රාල්. මගේ පියාගේ තාත්තා තමයි විල්ෆ්‍රඩ් ඇලෝෂියස් කබ්රාල්, මේ ලංකාවේ හිටපු පළවෙනි පෝස්ට් මාස්ටර් ජෙනරල්, ලාංකිකයෙක් හැටියට හිටිය. මගේ පියාගේ සහෝදරයා තමයි වෛද්‍ය ෂෙල්ටන් කබ්රාල්. ලංකාවේ හිටපු පළවෙනි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා.”

“මේ බැඳුම්කරේට සම්බන්ධ එකම එක්කෙනෙක් ඉන්නවා, මේ බැඳුම්කරේට නෑකමක් තියෙන. ඒ ගැනත් මට කියන්නට ඕනේ. ඒ තමයි මගේ මාමණ්ඩිගේ මල්ලී බැඳලා ඉන්න පුද්ගලයාගේ තාත්තාගේ නංගි තමයි ඒ පුද්ගලයා. කවුද ඒ පුද්ගලයා. රනිල් වික්‍රමසිංහ. මගේ uncle in law මිස්ටර් සෑම් විජේසිංහ. එයා විවාහ වෙලා ඉන්නේ, රනිල්ගේ පියාගේ සහෝදරිය. ඒ සමබන්ධෙ නම් තියෙනවා. මම ඒ ගැන අද හෙළිදරව් කරනවා. අනිත් අය ගැන මම බොහොම උජාරුවෙන් කිව්වට, මේ සම්බන්ධය ගැන කියන්න ලැජ්ජයි.” 

(under the courtesy of lankacnews.com news web)

Related posts

හෙට සිට වැසි වැඩිවෙයි

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයින් 3ක්-සමස්ත ආසාදිතයින් 452ක්

Shiran Viraj

ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

Shiran Viraj