mediahumanrights.lk
Business Business News News

“බිස්නස් ටුඩේ” නම් කළ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර සෙලාන් බැංකුව පෙරටම

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ථකම සමාගමක් ලෙස ‘බිස්නස් ටුඩේ’ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටී. මෙම වසරේ . ‘Business Today Top 30’ සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි.

අඛණ්ඩ සාර්ථකත්වය සමගින් සෙලාන් බැංකුව පසුගිය වසරේ ලැබූ ශ්‍රේණියේ සිට ස්ථාන 9 ක් ඉදිරියට පැමිණෙමින් 11 වැනි ස්ථානය ලබාගැනීමට සමත් වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් අතරට මෙසේ ශ්‍රේණිගත වීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්. අභියෝගකාරී සාර්ව ආර්ථික පසුබිමක් තුළ පවා, අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අප දක්වන උනන්දුව හා කැපවීම නිසා අපට ක්‍රියාකාරීත්වය හා සේවාවන් වැඩිදියුණු කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය, කොටස්කරුවන්, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාටම ස්තූතිය පළකිරීමට මා කැමතියි. සෙලාන් බැංකුව මෙතරම් ශක්තිමත් සමාගමක් බවට පත්කිරීමට ඔවුන් සියලුම දෙනාගෙන් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා.”

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන ප්‍රමුඛ පෙළේ සමාගම් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ. KPMG Sri Lanka හි දායකත්වය සමගින්, 2017 දෙසැම්බර් 31 සිට 2018 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ පෙන්නුම් කරන ලද මූල්‍ය ක්‍රියාකාරීත්වයන් ඇතුළු සාධක අනුව, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගම් අතරින් ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ඊට අමතරව අලුතින් හඳුන්වා දුන් ‘විශේෂ ඇගයුම්’ කාණ්ඩය යටතේ කැපීපෙනෙන පුද්ගලයන් 4 දෙනෙකුට සම්මාන පිරිනැමීමද සිදුවිය.

සෙලාන් බැංකුවේ අලෙවිකරණ හා සේවා විශිෂ්ටත්වයන් වෙනුවෙන් මෙම වසර මුලදී Golden Globe Tigers Awards සම්මාන උළෙලවලදීද සම්මාන පිරිනැමිණි. තවද ජාත්‍යන්තර වෙළඳාම් සහ අනෙකුත් ගෙවීම් ක්‍රමවේද වලදී පෙන්නුම් කරන ලද කාර්යක්ෂමතාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ Wells Fargo බැංකුවෙන් සෙලාන් බැංකුව වෙත විශේෂ ඇගයීමක්ද හිමි විය.

2018 සැප්තැම්බර් මස 30 වන දිනයෙන් අවසන් වූ මාස 9 තුළ රු. මිලියන 3,138 ක බදුවලට පසු ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙය පසුගිය වසරට සාපේක්ෂව, දැඩි වෙළඳපොළ අභියෝග මැද පවා, 4.5% ක වර්ධනයකි.

නවීනතම තාක්ෂණය, නිර්මාණශීලී විසඳුම් හා විශිෂ්ට සේවාවන් සමගින් බැංකු ක්ෂේත්‍රයට ආදර්ශයන් සපයමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීම සෙලාන් බැංකුවේ මූලික අරමුණ වේ. මේ වනවිට එහි ශාඛා 169 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වැදගත් වන ස්ථාන ආවරණය වන පරිදි ATM යන්ත්‍ර 208 ක්ද ස්ථාපිත කර ඇත. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සමාගම් හා ආයතන අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින සෙලාන් බැංකුව සිය සමාජ මාධ්‍ය භාවිතාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර තලයේදීද ඇගයීමට ලක්වී තිබේ.

ඡයාරූපය: සෙලාන් බැංකුවට ‘Business Today Top 30’ සම්මාන හිමිවූ අවස්ථා

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

Shiran Viraj

රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි

Shiran Viraj

මහින්ද අමෙරිකා යයි

Shiran Viraj