mediahumanrights.lk
LIFE LIFE NEWS News

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

ජීවිතය හා අනතුර අතර තිබෙනුයේ ඉතා සුළු පරතරයකි. අප, ජීවිතය ගැන අතිශයින් සැලකිලිමත් විය යුත්තේ එබැවිනි. ඊටත් වඩා, දරුවන් ගැන සැලකිලිමත් විය යුත්තේ ඔවුන් අනතුරක ඇති  බැරෑරුම්කම බොහෝවිට නොහඳුනන නිසාය.
අනතුරු පිළිබඳ කතා කිරීමේදී දත්වලට විය හැකි අනතුරු හෝ හානි විශේෂය. අද මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ දරුවන් සම්බන්ධයෙන් විය හැකි දන්ත අනතුරු හා එහිදී ගත යුතු පියවරයන්ය. මෙහිදී අනතුරේ හෝ හානියේ ස්වභාවය මෙන්ම එය කිරි දතක් ද ස්ථීර දතක් ද යන සාධක අනුව ද ප‍්‍රතිකාර ක‍්‍රම වෙනස් වෙයි.
එහිදී මතුපිටින් කිසිදු හානියක් සිදු වී ඇතත්, නැතත් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්ය. ඊට අමතරව රුධිර වහනයක්, රිදීමක් හෝ සෙලවීමක් ඇත්නම් එවැනි අවස්ථාවකදීත් ඉක්මනින් දන්ත වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්ය.
හදිසි අනතුරකදී දත්වලට විය හැකි හානියේ ස්වභාවයන්
දත් බිඳී යෑම, දතේ පිහිටීමේ වෙනස්වීමක්, දත එළියට ඇදීම, දත අස්ථිය තුළට කිදා බැසීම හෝ දත සම්පූර්ණයෙන්ම ගැලවී යාම එවැනි අවස්ථා වේ.
දතක් කැඞී යාම
මෙහිදී දත කැඞී ඇති ස්ථානය හා ප‍්‍රමාණය අනුව ප‍්‍රතිකාරය තීරණය වේ. මෙවැනි තත්ත්වයකදී බොහෝදුරට කැඩුණු දතේ පාටින් යුත් ද‍්‍රව්‍යයක් යොදා ගනිමින් දත නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමක් කළ හැක. නමුත් බොහෝ අවස්ථාවලදී මෙවැනි අනතුරකින් පසුව දතේ වේදනාවක් හෝ ඉදිමුමක් නැතිවිට ප‍්‍රතිකාර ලබාදීම අතපසු කර හෝ මගහැර දමන අවස්ථාද තිබේ. එය නොකළ යුතුය. මන්ද දීර්ඝකාලීනව එසේ මගහැර යාමෙන් දත මැරී යාම හා එහි වර්ණය පවා වෙනස් වීමේ හැකියාව තිබීමයි.
දත කැඞී රුධිරය වහනය වීමකදී
මෙය කල්ක කුහරය දක්වා පැතිරුණු බිඳීමක් වශයෙන් සලකයි. මෙහිදී දතට විශේෂ ස්නායු ප‍්‍රතිකාර ලබාදීම අවශ්‍ය වේ.
දතක් අස්ථිය තුළට කිදා බැසීමකදී
එය නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට අදාළ ප‍්‍රතිකාර ක‍්‍රම කීපයක් පවතින අතර එමගින් දත නැවත තිබූ ආකාරයට සකස් කරගත හැකි වේ.
දතක් මඳ වශයෙන් පිටතට පැමි”ම හෝ පිහිටීමේ වෙනස්කමක් සිදුවීම
මෙවැනි අවස්ථාවකදී දත තිබූ ආකාරයට සැකසීම සඳහා දත නියමිත ස්ථානයේ යළි රඳවා සති 2-4ත් අතර කාලයක් අදාළ ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතා කරමින් නැවත දත ශක්තිමත් වීම සඳහා කටයුතු සලස්වයි.
දත සම්පූර්ණයෙන් ගැලවී ගිය විට
දතක් සම්පූර්ණයෙන් ගැලවී ගිය විට කිරි දතක් නම් නැවත සවි කිරීමක් සිදු නොකරයි. නමුත් ස්ථීර දතක් නම් එය නැවත සවි කිරීමක් සිදු කරයි.
එහිදී එවැනි අනතුරක් සිදු වූ විගස වැටුණු දත පිරිසිදු ජලයෙන් තත්පර දහයක් පමණ සෝදා අදාළ දත් කුහරයේම රඳවා ගැනීම වැදගත් වේ.
තවද එම දත අදාළ කුහරය තුළම රඳවාගෙන රෝහලට පැමිණිය හැකි වූයේ නම් දත නැවත සවි කිරීමේදී එහි සාර්ථකත්වය වඩාත් වැඩි වේ. මෙහිදී ප‍්‍රවේසම් සහිතව ගැලවුණු දත රැුගෙන රෝහල වෙත පැමිණීමේ ක‍්‍රම කීපයකි. එනම් ඉහත දැක්වූ ආකාරයට ගිලිහී ගිය කුහරය තුළම නැවත දත රඳවාගෙන ලේන්සුවක් තබා සපාගෙන ආරක්ෂාකාරීව රෝහලට පැමිණීම එක් පියවරකි.
එසේ කළ නොහැකි නම් නැවුම් කිරි හෝ සේලයින් වතුරේ දත බහා රැුගෙන යාම තවත් ආරක්ෂිත පියවරකි.
එසේත් නොහැකි නම් දරුවාගේ කෙළ සහිත බඳුනක දත බහා රැුගෙන ඒම අනෙක් පියවරය.
තවද පැය 1/2ක් ඇතුළත රෝහලට පැමිණීමෙන් ඉදිරි ප‍්‍රතිකාර වඩාත් සාර්ථකව සිදුකළ හැක. මෙවැනි හදිසි අනතුරකදී ඕනෑම දන්ත ශල්‍යාගාරයට පැමිණීමෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතී.
ප‍්‍රතිකාරවලින් පසුව සැලකිලිමත් විය යුතු අවස්ථා
සාමාන්‍යයෙන් ප‍්‍රතිකාර කළ දතකින් සති දෙකක් යනතුරු සැපීම නොකළ යුතුය. ඝන ආහාර වෙනුවට මෘද ආහාර ගැනීම වැදගත්ය. එහෙත් මෘදු කෙඳි සහිත බුරුසුවකින් මැදීම කළ යුතුය. තවද දන්ත වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන මුඛ සෝදන දියරයකින් කට සේදීම මගින් මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගත හැකි වේ. තවද දන්ත ප‍්‍රතිකාරවලින් පසුව වෛද්‍ය නිර්දේශ මත ප‍්‍රතිකාර කළ දතේ එක්ස් රේ ඡුායාරූපයක් ගෙන බැලීම අවශ්‍ය වේ.
යම් හෙයකින් දත මැරී ඇත්නම් තව දුරටත් දත රඳවා ගැනීමට එහිදී විශේෂ ස්නායු ප‍්‍රතිකාර සිදු කිරීම අවශ්‍ය වේ.

Related posts

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj

මිරිස්වත්තේ වැටලීමකින් ගිනි අවි 07ක් සහ උණ්ඩ 1000ක් සොයා ගැනේ (PHOTOS)

Shiran Viraj

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

Shiran Viraj