mediahumanrights.lk
Local News News

තනි තීරණ නොගන්නා බව ජනපති කියයි

මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජාතික නීති සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට කොළඹදී ඊයේ එක්වෙමින්. අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු පිරිසිදුව ඉටුවිය යුතුය යන්න  තම ස්ථාවරය බව ද  ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
මේ අතර කෑගල්ල – නාපේ – ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු 36 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයටද ජනාධිපතිවරයා ඊයේ  එක්වුණා.

Related posts

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

Shiran Viraj

ඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්

Shiran Viraj

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

Shiran Viraj