mediahumanrights.lk
News Political

ගෝටාභය ජනපති වුණේ අනාගත දරු පරපුරේ වාසනාවටයි..

පරාජය ක‍ල කොටි ත්‍රස්තවාදය කිරි පොවා යලි පෝ‍ෂණය කලේ පසුගිය යහපාලන ආණ්ඩුව බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්‍ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අව‍ධාරණය කලේ 2009 දි රණවිරුවන් දිවි පුදා රටට ලබා දුන් යුධ ජයග්‍රහණය රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව විසින් ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බවයි.

දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘‘‍‍‍‍ගම දැනුවත් කරමු – යලිත් අපි නැගිටිමු” වැඩසටහන් මාලාව පිලිබද ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීම සදහා පැවති රැස්වීමකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. රැස්වීම මිනුවන්ගොඩ උඩුගම්පල ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදි ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ පලාත් පාලන ප්‍රධානිහු සහභාගී වුහ.

රැස්වීමට පැමිණි සියළු නියෝජිතයින් විෂභීජානු හරණ කුටියක් හරහා රැස්වීම් ශාලාවට ඇතුලත්කර ගැනීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මුහුණු ආවරණ පැලද සිටිම අනිවාර්ය වූ අතර මීටරය දුර ආරක්ෂා වන පරිදි රැස්වීමට ආසන පනවා තිබුණි.

ගම දැනවත් කරමු – යලිත් අපි නැගිටිමු රැස්වීම් මාලාව හරහා දිවයිනේ සියළුම පලාත් පාලන මන්ත්‍රීවරු කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හා ජනතාවට සහන සැලසීමට ගත් පියවර සම්බන්‍ධයෙන් දැනුවත් කිරීමට නියමිතයි. විශේෂ දේශකයින්ගේ සහභාගීත්වයෙන් ලබන සතිඅන්තයේ එම රැස්වීම් මාලාව පැවැත්වෙන අතර එම රැස්වීම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම අනිවාර්ය කර තිබේ. උඩුගම්පලදි ඊයේ (20) පැවැත්වුනේ එම රැස්වීම් මාලාව පිලිබද දිස්ත්‍රික් නියෝජිතයින් දැනුවත් කිරීමේ පලමු වැඩසටහනයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘‘එදා වසර 30 පැවති යුද්ධය අවසන් කිරීමට රාජපක්ෂ සොහොයුරන් සමත් වුනා වගේම අද අපේ රටට බලපෑ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමටත් මහින්ද  ගෝඨාභය සුසංයෝගයට හැකියාව ලැබී තිබෙනවා. ම්ලේච්ඡ කොටි ත්‍රස්ථවාදය පරාජය කරලා ඉතිහාස ගත වුනා වගේම ඔවුන් කොරෝනා වසංගතය පරාජය කරලා ඉතිහාස ගත වෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ මේ වෙනකොට රටේ ජනතාව අතර කොරෝනා වසංගතය පැතිරීම පාලන කර තිබෙන බවයි. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ කැපවීම මෙහිදි ඉතා ප්‍රශංසනීයයි. කොරෝනා පාලන කරන අතරතුර සාමාන්‍ය ජනතාව බලාගත්ත මේ වගේ ආණ්ඩුවක් ලෝකේ වෙන කොහෙවත් නැහැ.

ඇදිරිනීතිය පනවලා කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන අතරතුර ජනතාවට අවශ්‍ය ආහාර පාන ගෙවල් ලගටම යවන්න අපි කටයුතු කළා ඒ වගේම ආර්ථික පිඩාවට පත්වෙච්ඡ  ජනතාවට රුපියල් 5000 ක දිමනාවක් ලබා දීමට කටයුතු කලා. පහුගිය මාසයේ අපි මේ 5000 දිමනාව අපි පවුල් ලක්ෂ 74 කට ගෙව්වා. මේ වාසෙත් අපි ඒක ගෙවනවා. ලබන මාසෙත් අපි ඒක ගෙවන්න කටයුතු කරමිනුයි හිටියේ. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් කිඹුල් කදුලු හෙලන විපක්ෂය ඒ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ රුපියල් 5000 හේ දීමනාව දෙන එක නවත්තන්න කියලයි. ජනතාවට සහන සලසනකොට ඒකට විරුද්ධ වන ලෝකේ එකම විපක්ෂයේ ඉන්නේ අපේ රටේ. මේ අය කියන්නේ නම් ජනතාවට පණ වුනත් දෙන්න ලැස්තියි කියලයි. හැබැයි. 5000 දෙන්න එපා කියලා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරනාවා. විපක්ෂය සිදු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්‍රතිපත්තියයි.

මහ මැතිවරණය කියන්නේ රටේ ප්‍රජාත්‍රන්තවාදි අයිතියක් හැබැයි එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මහ මැතිවරණය කියන්නේ නයාට අදුකොල වගේ ඔවුන් හදන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහා මැතිවරණය කල් දාලා පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කර ගන්නයි. ඒකට තමයි.  ඔය උසාවි බඩගැවේ. ජනතාව ජිවත් විමේ අයිතිය වගේම ජනතාවගේ ජන්ද අයිතියත් උදුරාගන්නැයි විපක්ෂය මේ කටයුතු කරන්නේ.

රනිල් මෛත්‍රි යහ පාලන ආණ්ඩුව කාලේ අපේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දැම්මා. උතුරු නැගෙනහිර කොටි පිල්ලි ශක්තිමත් කළා. ඒවට විරුද්ධ වුන අයව හිරේ දැම්මා. අවුරුදු 30 ක් පැවති මේලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න තමන්ගේ ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරපු රණවිරුවන් හිරේ දැම්මා. ලංකාවේ විතරක් නෙවෙයි. ජාත්‍යන්තරයෙත් කොටි ත්‍රස්තවාදය යලිත් හිස ඔසවන්න පටන් ගත්තේ මේ යහ පාලන ආණ්ඩුව කාලේ. යහ පාලන ආණ්ඩුවට ඹ්නැ වුනේ කොටි අවශ්‍යතාව මතින් හරි නැවත බලයේ ඉන්නයි. 2015 දි බොරු කියලා ගත්ත බලය රැකගන්නයි.

මේ රටේ අනාගත දරු පරපුරේ වාසනාවට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වුනේ මහින්ද රාජපක්ෂ මහතා නැවත මේ රටේ අගමැති වුනේ පරණ සෙල්ලං දාන්න කොටි ඩයස් පෝරාවට අපේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ. එවගේම ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා රණවිරුවන් දං ගේඩියට දක්කන්න හදන ජාත්‍යන්තර N.G.O නඩවලටත් ඕනැ හැටියට ඉඩ නොදෙන බව. ඒ නිසා අද රටේ ජාතික ආරක්ෂාව නැවත සුරක්ෂිත වී තිබෙනවා. රණවිරුවන් දිවි පුදා ලබා දුන් විජයග්‍රහාණයට අද නිසි වටිනාකම ලැබිලා. දේශිය හා ජාත්‍යන්තර වශයෙන් මේ රට ඉහලට ඔසවා තබන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටට ආදරය කරන සියළු දෙනාගේම වගකීම වන්නේ ඒ සදහා සහය පල කිරීමයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

Shiran Viraj

තැපැල් වර්ජනයත් ඇරඹෙයි

Shiran Viraj

ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුට

Shiran Viraj