mediahumanrights.lk
Local News News

කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.
මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
මේ අතර මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් සිදු වූ දේපල හානි තක්සේරු කිරීම අද (17) ආරම්භ වනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ කොලොන්නාව ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම තක්සේරු කිරීම් සිදු කරන බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ.
සියලූ තක්සේරු කිරීම් දින පහක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. මෙම ආපදාව සිදු වූ මොහොතේ සිට අවුරුදු නිවාඩුව ද නොසලකා බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහ සහන සේවාවලට එක් වූ සියලු නිලධාරීන්ට සිය ස්තූතිය ද පුද කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj

අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණිය

Shiran Viraj