mediahumanrights.lk
News Political

එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-Video

ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා පවසයි.
‍ෙ
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද(08) ජාතික සංවිධාන එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.

‘‘ජාතික සංවිධාන එකමුතුව විදියට අපි පසුගිය දිනවල මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනයට ලක්කළා. ඒ අපේ පෞද්ගලික ප‍්‍රශ්න නිසා නෙමෙයි. එතුමා පසුගිය වසර තුනක කාළයේ ක‍්‍රියා කරපු ආකාරය පිලිබඳවයි අපි විවේචනය කළේ. ප‍්‍රමාද වී හෝ එතුමා ගත්ත මේ තීන්දුව අපේ ප‍්‍රසාදයට හේතු වි තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් මාස දෙකක් මේ රට පාලනය කලා නම් ඒක මේ රටේත් ජනතාවගේත් අවසානය වෙන්න තිබුණා. නව ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කටයුතුවල රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පසුගිය දිනවල සක‍්‍රීයව නිරත වී සිටියා. බටහිර බලවේග විසින් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනිමේ අරමුණ ඇතිවයි.

මේ වගේ රටට අහිතකර වැඩපිළිවලක් ක‍්‍රියාත්මක වූ මොහොතක මෛත‍්‍රිපාල සිරිසේන මහතා අරගෙන තියෙන්නේ නිර්භීත තීරණයක්. රට ජාතිය වෙනුවෙන් සිතා එතුමා ගත් මේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට අනුකූලයි. ඒකට වැරදි අර්ථකතන දෙන එක අපි අනුමත කරන්නේ නැහැ. පාර් ලිමේන්තුවේ 225 දෙනාට ප්‍රශ්නය විසදීමට නොහැකි බව දැන් ඔප්පු වෙමින් පවතින නිසා එය විසදීම මහජනයාට බාර දීම හොදද විසදුම.

දැන් බහුතරයක් ගැන කතා කරනවා. ඔලූගෙඩිවලින් බහුතරය බලනවට වඩා පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාළන මැතිවරණයෙන් අපි දැක්කා ජනමතය කොහෙද තියෙන්නේ කියලා.

ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති තීරණය කළොත් කවුද අගමැති කියලා අපි එම තීරණයට ගරු කළ යුතුයි. පුළුවන් ඉක්මණට පාර්ලිමේන්තුව විසුරුවා අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අනුරාධ තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.lanka lead news

Related posts

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Shiran Viraj

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

Shiran Viraj

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj