mediahumanrights.lk
News Sports Sports News

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ බලධාරීන් මේ දක්වා කිසිදු විභාගයක් නොකිරීම හේතුවෙන්.

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන කි‍්‍රඩකයන්ට එරෙහිව අදාළ චෝදනා ගොනුකර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරගාවලයකදී තරග පාවාදීම සඳහා ඍජුව හෝ වක‍්‍රව ඉල්ලීම් කිරීම සහ උපදෙස් දීම සම්බන්ධයෙනුයි.

මෙම තරගාවලිය සංවිධාන කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික කළමනාකරණ ආයතනයක් බවත් ඒ අනුව මෙම තරගාවලිය පිළිබඳ කරුණු විභාග කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට කිසිඳු බලයක් නොමැති බවත් කී‍්‍රඩකයන්ගේ නීතීඥවරුන් පෙන්වා දෙනවා.

මෙම කී‍්‍රඩකයින්ට තාවකාලික තරග තහනමක් පනවා ඇත්තේද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ නිසි කි‍්‍රයා පටිපාටියෙන් බැහැරව බවටයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එලෙස තරග තහනමක් පැනවීමේදී අවම වශයෙන් කී‍්‍රඩකයන්ගෙන් නිදහසට කරුණු විමසීමක් හෝ සිදුකර නැතැයිද නීතිඥවරුන් පවසනවා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන තමන්ට සාධාරණය ඉටු කරන ලෙසයි කී‍්‍රඩකයින් ජිනීවා හි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. තමන්ට එරෙහිව අත්තනෝමතික තීරණයක් ගැනීමෙන් තම කීර්තිනාමයට හානි වීම සහ ජීවනෝපාය අහිමිවීම වෙනුවෙන් එක් කී‍්‍රඩකයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනය බැගින් වන්දි මුදලක් අයකර දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය, T10 තරගාවලිය සංවිධාන කළ කළමනාකාරිත්වය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයයි.


(under the courtesy of nethnews.lk news web)

Related posts

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Shiran Viraj