mediahumanrights.lk
Local News News

ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්

කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව මේ සම්බන්ධ පැමිණිල්ලේදී

කරුණු හෙළි කර තිබුණි.
උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.
මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත. වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට
මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය. වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි. ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් තමා එම අවස්ථාවේ රෝහලේ නොසිටි නිසා ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ දැනුවත් කළ බව ඇත්තක් බවයි.
එහිදී දරුවාට පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බව පිළිගත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත්ය. මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මියයාම සිද්ධවී තිබීම හඳුනාගන්නට හැකිවූ බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා දන්වා ඇති අතර මරණ පරීක්ෂකවරයා එය නම් කර තිබුනේ හදිසි අනතුරක් ලෙසය. කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ.

Related posts

‘කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා.. අපි බලවත්..’ ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යන බව අගරදගුරු ලෝකය අමතා කියයි..

Shiran Viraj

සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්

Shiran Viraj

උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්

Shiran Viraj