mediahumanrights.lk
Local News News

අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්න

ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාව තුළදී වෙළෙඳපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදි අනවශ්‍ය කලබලයකින් තොරව ඔබ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අද දෙරණ නිරන්තරයෙන් දැනුවත් කළේය.

රට ගැන සිතා එම උපදෙස් නිසි පරිදි පිළිපදිමින් බුද්ධිමත්ව ක්‍රියා කරන බොහෝ පිරිසක් අදත් අපට දැකගන්නට හැකි විය.

නමුත්, ජාතික ව්‍යසනයක් පවතින මේ මොහොතේ ඉන් ආරක්ෂාවීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දුන් උපදෙස් නොතකමින් ඇතැම් පිරිස් කටයුතු කරනු ආකාරයත් දකින්නට ලැබුණි.

කොළඹ,ගම්පහ,පුත්තලම සහ උතුරු පලාතට පනවා තිබු ඇඳිරි නීතිය අද පෙරුවරු 6ට ඉවත් කෙරුණි.

ඒ අනුව එම ප්‍රදේශවලට යළි දහවල් 12ට පැනවීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය යළි පනවනු ලබන වේලාව පස්වරු 2දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන රජය සලසා දී තිබුණි.

වෙළෙඳසැලේදී අනවශ්‍ය කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගන්නා ලෙසට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ජනතාව දැනුවත් කර තිබූ අතර අද දෙරණද එය නිරන්තරයෙන් ජනතාවට සිහිපත් කළේ කොරෝනා වෛසරය ව්‍යාප්තිය අවම කර ගැනීම සෑමදෙනාගේම වගකීමක් වන නිසයි.

ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල බොහෝ පිරිසක් එම උපදෙස් නිසි පරිදි අනුගමන කරමින් මීටරයක අවම දුරක් පවත්වා ගෙන, මුඛ ආවරණ පැළඳ  වෙළෙඳසැල්වලට, ඉන්ධනහල්වලට සහ ATM යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමට පැමිණි අයුරු අද දක්නට ලැබුණි.

බොහෝ දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව මීටරයක පරතරයක් සහිතව වෙළඳසැල් ඉදිරිපිට භාණ්ඩ මිලදී ගැනීම සඳහා රැඳී සිටි ආකාරය දැක ගත හැකි විය.

ඇතැම් සුපිරි වෙළෙඳසැල් සඳහා පැමිණි ජනතාවට මිටරයක පරතරයකින් යුතුව සිටීමට සහ භාණ්ඩ මිලදී ගැනීමේදී තදබදයකින් තොරව කටයුතු කිරීමට එම වෙළෙඳැසැල් කාර්ය මණ්ඩල  ඉඩ සලසා දී තිබීම පැසසිය යුත්තක්.

ලබාදුන් උපදෙස් නිසිපරිදි අනුගමනය කිරීමට බොහෝ පිරිසක් කටයුතු කරද්දි ඇතැමුන් එක්රැස්වී, මුඛ ආවරණ නොපැළඳ, ආත්මාර්ථකාමීව කටයුතු කරන ආකාරයත් දකින්නට ලැබුණි.

මුඛ ආවරණ නොපැළඳ සිටින ලෙසත් පුද්ගලයින් අතර භාණ්ඩ මිලදී ගැනීමේදී මීටරයක දුර පවත්වා ගන්නා ලෙසත් පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවත් කළ අයුරු ද දැක ගත හැකි විය.

කොතරම් සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නත් ඒවා මායිම් නොකළ අතැම් ජනතාව වෙළෙඳසැල් හා ඉන්ධනහල් සඳහා පැමිණ වගකීම් විරහිතව හැසිරුණු ආකාරයත් අද දක්නට ලැබුණි.

එමෙන්ම මුඛ ආවරණ පැළඳ බාහිරට පැමිණෙන ලෙස සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් නොතකමින් අදත් බොහෝ පිරිසක් වෙළෙඳසැල්වලට පැමිණ සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Shiran Viraj

ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයි

Shiran Viraj