mediahumanrights.lk
Local News News

චම්පිකගේ පැන්සලවත් සාර්ථක වේවා.. මේ ඔහුගේ 12 වැනි සංවිධානයයි.. ලයිස්තුව මෙහෙමයි…

චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ගඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ වතාවෙවත් මේ සංවිධානයවත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ එතුමා බිහිකරන 12 වෙනි සංවිධානය. එම සංවිධාන 12 න් 43 සේනාංකය හැරුණු විට අනික් සංවිධාන මහපොළවේ නෑ. ඒවානම් 1992 – ජනතා මිතුරෝ 1995 – ජාතික සංඝ සභාව 1996 ජාතික දහම් ගුරු සභාව 1998 ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය 2000 සිහළ උරුමය 2001 ජාතික සංඝ සම්මේලනය 2002 ජාතික විද්වත් සභාව 2004 ජාතික හෙළ උරුමය 2015 යහපාලන සඳහා ජාතික පෙරමුණ 2019 ජාතික මග 2021 43 සේනාංකය 2023 ජනරජ පෙරමුණ බිහිකලා. එතුමා පිහිටවූ මුල් සංවිධාන 10 ට අත් වූ සෝචනීය ඉරණම අත් නොවී එතුමන්ගේ නව පක්ෂයවත් චිරාත්කාලයක් පවතීවා කියලා අපි ප්‍රාර්ථනා කරණවා”

– Media unit

Related posts

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj

ඩොලරය 340 සීමාවට පනී..

Shiran Viraj

නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්

Shiran Viraj