mediahumanrights.lk
Local News News

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

කොළඹ- ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ මිලියනයක් පමණ ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.6 ක අතිරේක මුදලක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල වෙත ලබා දී ඇත.

මෙම ආධාරය හරහා ලෝක ආහාර වැඩපිළිවෙල විසින් සහල්, ධාන්‍ය සහ ආහාර පිසින තෙල් ඇතුළත් ආහාර මල්ලක් බැගින් ශ‍්‍රී ලංකාවේ අදාළ පවුල් සඳහා ඔවුන්ගේ මාසික ආහාර අවශ්‍යතාවලින් භාගයක් පමණ ආවරණය කරමින් මාස 2 ක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ. මෙම පරිත්‍යාගය මගින් තවදුරටත් ගර්භනී සහ කිරි දෙන මව්වරුන් මෙන් ම මන්දපෝෂණ අවදානම සහිත තරුණ ළමුන් සඳහා ශක්තිජනක ආහාරයක් වන තී‍්‍රපෝෂ නිෂ්පාදනය සඳහා ඉරිඟු සහ සෝයා බෝංචි මාස 4 ක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා මෙසේ පැවසීය. ”අප ඉතා සතුටින් දන්වා සිටින්නේ ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ මෙම අසීරු තත්ත්වය හේතුවෙන් ලංකාව සඳහා අතිරේක මානුෂවාදී සහය ලබා දීමට තීරණය කර ඇති බවය. පසුගිය වසරින් ආරම්භ වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සම්පූර්ණ ඇ.ඩො. මිලියන 10 ක මුදලක් ජපන් රජය විසින් ලෝක ආහාර වැඩපිළිවෙල හරහා ලබා දෙනු ඇත. අප මෙමගින් බලාපොරොත්තු වන්නේ රට පුරා සිටින ජනතාවට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔවුන් වෙත අත්‍යවශ්‍ය ආහාර ලබා දීමය.”

ලෝක ආහාර වැඩපිළිවෙල විසින් මෑතකදී සිදු කරන ලද සමීක්ෂණවලට අනුව ආහාර අනාරක්ෂිතතාවය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. සෑම නිවාස 10කින් 7 ක් ම ප්‍රෝටීන් සහ කිරි ආශි‍්‍රත නිෂ්පාදන වැනි ආහාර ලබා නොගෙන සිටීම හා ආහාර වේල් මඟ හැරීම වැනි ඍණාත්මක මූලෝපායන් අනුගමනය කරනු ලැබේ.

ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ‍්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දීකි මහතා මෙසේ පැවසීය. ”අපගේ විශාලතම අවධානය යොමු වන්නේ ආර්ථික අර්බුදය මගින් බලපෑමට ලක් වූ කාන්තාවන් සහ ළමුන් ය. ජපන් රජය විසින් ලබා දෙන මෙම ඉදිරි සහය සම්බන්ධව අප ඉතාමත් තෘප්තිමත් වන අතර අපගේ උත්සහයන් මගින් ආහාර හා පෝෂණ අවශ්‍යතා අවශ්‍ය ප‍්‍රජාව කෙරෙහි බලගැන්වෙනු ලැබේ”.

ශී‍්‍ර ලංකා රජය හා ලෝක ආහාර වැඩපිළිවෙල සඳහා ජපානය, දශකයක් පුරාවට දායකත්වය සපයන අතර, හදිසි අවස්ථාවලදි දැඩි වශයෙන් සහය ලබා දෙමින් රටේ ආහාර හා පෝෂණ ආරක්ෂාව ශක්තිමත් කිරීමෙහිලා සංවර්ධන දායකත්වයන් මෙන් ම දිගුකාලීන ප‍්‍රතිස්ථාපන සහය ද ලබා දෙනු ලබයි. ජපානයේ මෑතකාලීන ආධාර වැඩසටහන වන්නේ ශී‍්‍ර ලංකාවේ ආර්ථික අර්බුදය මගින් බලපෑමට පත් ප‍්‍රජාවගේ ආරක්ෂාව උදෙසා ලාංකීය ජනතාවට ලබා දෙන සහය තව දුරටත් වැඩි කිරීම ය.

ලෝක ආහාර වැඩපිළිවෙල විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී මිලියන 2 ක පමණ ජනතාවක් ආවරණය කරමින් ආරම්භ කළ හදිසි මෙහෙයුමේ සිට මේ වන විට ආහාර හා පෝෂණ සහය අවශ්‍ය මිලියන 3.4 ක පමණ ජනතාව ඉලක්ක කරමින් මෙහෙයුම් දියත් කරමින් සිටී.

– WFPSriLanka

Related posts

දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයි

Shiran Viraj

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj

කොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

Shiran Viraj