mediahumanrights.lk
Business Business News News

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේදී භාවිතා කළ හැකි මුදල් ඒකය බවට පත් කිරීම මේ අවස්ථාවේ අවශ්‍යව ඇතැයි ද හෙතෙම හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවක දී සඳහන් කර ඇත.

ඒ හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව සමග සෘජුව ඔවුන්ගේ මුදල් වලින් ගණුදෙනු කළ හැකි බවත් ශ්‍රී ලාංකිකයන්ටද වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව ඉන්දියාම සමග කටයුතු කළ හැකි බවත් ඔහු එහිදී පවසා ඇත.

Related posts

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

Shiran Viraj

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

Shiran Viraj

පොසොන් වෙනුවෙන් දුම්රිය සූදානම්

Shiran Viraj