mediahumanrights.lk
Business Business News News

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ දැනට ඉන්දියාවෙන් ගෙන්වන අමතර කොටස් සඳහා ඩොලර් මගින් මුදල් ගෙවීමට සිදුව ඇති නිසා අධික මිලක් ගෙවීමට සිදුව ඇති බවයි.

නමුත් ඉන්දීය රුපියල් සමග ගනුදෙනු කිරීමට රජය කටයුතු කරමින් සිටින නිසා එම අවස්ථාව පුද්ගලික බස්රථ සඳහා ද ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඒ සඳහා මහ බැංකුවෙන් අවසන් පිළිතුරක් නොලැබුණු බවත් ඒ මහතා පැවසීය.

ඒ සදහා ඉඩ ලදොත් බස් රථ අමතර කොටස් විශාල අඩු මිලකට ලබාගත හැකි බැවින් එම සහනය මගීන්ට ද ලබාදීමට හැකි බවද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

"මම ඇඟ හදාගන්න පටන්ගත්තේ කුලී වැඩ කරලා ලැබුන සල්ලි වලින්."ලොවම දිනූ ආසියාවේ කළු සිංහයා කඳුළු සලමින් කියූ කතාව

Shiran Viraj

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතී

Shiran Viraj

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

Shiran Viraj