mediahumanrights.lk
International News News

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ.

කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම රැල්ලකින් පසුව මෙම තීරණයට එළැඹ තිබේ.

එරට බැංකු සංගමය සඳහන් කළේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති හෙයින් බැංකු මෙසේ වසා තැබීමට තීරණය කර ඇති බවයි.

මේ වන විට ලෙබනනය උග්‍ර ආර්ථික අර්බුදයක පැටලී සිටින අතර ජනගහනයෙන් සියයට 75ක් පමණ දැඩි දරිද්‍රතාවයේ ගිලී පවතී.

එමෙන්ම බැංකු පද්ධතියෙන් තැන්පතකරුවනට ලබාගත හැකි මුදල් සඳහා සීමාවන් ද පනවා තිබේ.

Related posts

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj

අනන්තයේ යළි හමුවෙමුයි කියා ශලනි තාරුකා ලියපු අත්දැකීම ගීතයකට නැගුණු හැටි මෙන්න – වීඩියෝ

Shiran Viraj

ප්‍රතිකාර පමා වූවොත් ගැස්‌ට්‍රයිටීස්‌ භයානක විය හැකියි

Shiran Viraj