25 C
Colombo
2023-09-26
mediahumanrights.lk
Local News News

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

ව්‍යාජ  රු 500 නොට්ටු පහක් හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් එම බැංකුවේ නිලධාරින් විසින් අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බැංකුව වෙත පැමිණ බැංකුවේ අයකැමි වෙත පවසා ඇත්තේ රෙදි සෝදන අවස්තාවේ ඇදුමෙහි සාක්කුවෙහි තිබු රු 500 නොට්ටු ජලයට විනාශ වු බවත්, ඒ අනුව එම මුදල් මාරු කර දෙන ලෙසයි.

කාන්තාව විසින් ලබාදුන් මුදල් නොට්ටු බැංකු නිලධාරින් විසින් පරික්ෂා කර බැලිමේදි එය ව්‍යාජ නොට්ටු බවට තහවුරු වු නිසා එම කාන්තාව පරික්ෂා පැවැත්විම සදහා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව අවු 30 පමණ වයසැති දෙදරු මවක් බවත්, සැකකාරිනිය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ මුල්ස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ලොවක් නැරඹූ සුපිරි නළු ශාරුක් මහමගදී කළ අමුතු වැඩේ

Shiran Viraj

කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයි

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj