mediahumanrights.lk
Local News News

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක් පහලින් පවතින බවත්ය.

මේ වන විට මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

Shiran Viraj

පබා බබා සමග මුල් වරට

Shiran Viraj

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Shiran Viraj