mediahumanrights.lk
News Political

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස හතරකට ප‍්‍රමාණවත් වන බවත් ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට ප්‍රමාණවත් බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරි මාස අටක කාලය සඳහා අවශ්‍ය වී තොග රට තුල ඇති බවද හෙතෙම කියා සිටී.

සහල් සඳහා පාලන මිලක් පැන වූ පසු වී තොග සඟවා ගැනීමට මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් කටයුතු කිරීම නිසා ජනතාව කලබලයට පත්වී ඇති බවද ඔහු පැවසීය.

සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

Shiran Viraj

නාවික හමුදාවේ පිරිස් ගැන අනියත බියක් අවශ්‍ය නෑ-නාවික හමුදාව පවසයි

Shiran Viraj