mediahumanrights.lk
News Political

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.

“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.

අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්
මව්බිම

Related posts

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Shiran Viraj

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

Shiran Viraj