mediahumanrights.lk
Local News News

දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…

‘‘දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය රටට අවශ්‍ය නෑ කියන තත්ත්වයට විපක්ෂ දේශපාලකයන් පත්වෙලා‍’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍යා බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසිය.

ඔහු මෙම අදහස් පළකර සිටියේ කෑරගල ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා රණක්ෂිත රණවිරු ගම්මානයට නව 4G කුළුණක් සමඟ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම පසුගියදා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේදීය.

කෑරගල ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා රණක්ෂිත රණවිරු ගම්මානයේ රණවිරු දරුවන් හට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා පැවති බාධාවන් නිසා අධ්‍යාපන කටයුතු සඳහා පවතින අපහසුතාවයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරමින් ඔවුන් ඉල්ලා සිටියේ එම දරුවන් වෙනුවෙන් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට ක‍්‍රමවේදයක් සකස්කර දෙන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරයා විසින් ීඛඔ මොබිටෙල් ආයතනයෙන් සිදුකල ඉල්ලීමකට ඔවුන් විසින් මාස එකහමාරකට ආසන්න කාලසීමාවකදී ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ කෑරගල රණවිරු ගමට අධිවේගී 4G අන්තර්ජාල පහසුකම් සහිත කුළුණක් ස්ථාපිත කර නව සම්බන්ධතා ලබාදීම සිදුකෙරුණි.

ඊට සමගාමීව සෑම විටම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් සිදුකල හැකි සෑම දෙයක්ම නොඅඩුව ඉටුකිරීමට කටයුතු කිරීමේදී එතුමන්ගේ විමධ්‍යගත ප‍්‍රතිපාදන මඟින් ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා ඉදිකර ඇති එක්සත් රණවිරු සුභ සාධක හා මරණාධාර සමිති ශාලාවට දැල් ආවරණ යොදා නවීකරණය කරදීමද සිදු කර එයද, නවීකරණයෙන් පසු රණවිරු  අයිතියට පත්කරන ලදි. තවද රුක් රෝපණ වැඩසටහනක් සමඟ රණවිරු දරුවන් 30 දෙනෙක් සඳහා පාසල් පොත් බෑග් ලබා දීමද එහිදී වැඩිදුරටත් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  ඕනෑම රටක් දියුණුවන විට ඒ රටකට යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය කාරණයක්. සමහරවෙලාවට දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය අවශ්‍ය නැහැ කියලා කිව්වට යටිතල පහසුකම් නැතිව කිසිම රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ නිසා තමයි ලෝකයේ  ඕනෑම රටක සංවර්ධනය පටන් ගන්න කොට මුලින්ම රේල් පාරවල්, පාරවල් හැදෙන්න පටන් ගන්නේ. ඒ මගින් තමයි මුළු රටම සම්බන්ධීකරණය වෙන්නේ. ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් සැලසෙන්නේ. මිනිසුන් එම මාර්ග භාවිත කරමින් තමයි ගම්වලට යන්නේ. ගම්වල ව්‍යාපාර පටන් ගන්නේ.

ඒ වගේම විදුලිය, ජලය මේවා අත්‍යාවශ්‍ය දේවල් රටක් දියුණු වෙන්නේ. රටේ නගරවලට පමණක් නෙමෙයි ඈත ගම්මානවලටත් විදුලිය ජලය ලබාදෙන එක රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය කාරණයක්. මෙම කාරණා දිහා බැලූවහම පහුගිය කාලයේ අපේ රටේ සෑහෙන සංවර්ධනය උනා මේ සෑම ක්‍ෂෙත‍්‍රයකින්ම. මහා මාර්ග, අධිවේගී මාර්ග පමණක් නෙමෙයි සෑම ගමකම පුංචි පාරවල් පවා කාපට් වෙලා ඒ ප‍්‍රවාහන පද්ධතිය සෑහෙන දුරට අද සංවර්ධනය වෙලා තිබෙනවා. විදුලිය ගැන කතා කළොත් අද රටේ ජනතාවගෙන් 100% කට විදුලිය ලබා දෙන්නට අපි සමත් වෙලා තිබෙනවා. පානීය ජලය මේ රටේ මෑතක්වන තුරුම තිබුණේ 50% කට වගේ ප‍්‍රමාණයකටයි. පසුගිය වසර දෙක තුළ කොරෝනා ගැටළුව මැද්දේ එය 60% කට පමණ ප‍්‍රමාණයකට වැඩිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 3 අවසන්වන විට මේ රටේ ජනතාවගෙන් 80%ක් දක්වා වැඩි කිරීමට.

ඒ වගේම තවත් වැදගත්ම අවශ්‍යතාවයක් තමයි මේ විදුලි සංදේශන පහසුකම. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට එතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ගැන කතා කරනකොට එතුමා විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි අපේ රටේ අනාගත සංවර්ධනය රඳා පවතින්නේ අධි තාක්ෂණ ලෝකයක් සමග අනගත වීම මත කියලා. මොකද අපි ලෝකයේ අනෙක් රටවල් සමග තර`ග කරන්න තිබූ අවස්ථාවල් ඉතිහාසය පුරා අපේ රටේ තිබූ ප‍්‍රශ්න නිසා, විශේෂයෙන්ම විදේශ ආක‍්‍රමණ නිසා යටත් විජිත වශයෙන් තිබූ නිසා අපට අහිමි උනා. විශේෂයෙන්ම ලෝකය කාර්මීකරණය වන විට ඒ කාර්මීකරණය ආපු අවස්ථාවන් අපට අහිමිවුණා මොකද අපි යටත් විජිත වශයෙන් හු`ගක් පසුගාමීව හිටපු රටක් නිසා. අපිට දැන් ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපිත් තාක්ෂණික යටිතල පහසුකම් ඉක්මනට සංවර්ධනය කර ගන්න පුළුවන් නම් අපට පුළුවන් ලෝකයේ අනෙක් රටවල් සමග තර`ගයක් දෙන්නට. ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන මට්ටම අපේ රටේ තරුණ පරපුරට තිබෙනවා. නමුත් යටිතල පහසුකම් ඒ හා සමානව දියුණු වෙන්නට  ඕනේ. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කලා. ඇත්ත වශයෙන්ම මහින්ද රජපක්ෂ මහත්මයාගේ රජය කාලයේ තමයි පටන් ගත්තේ. වර්තමාන ජනාධිපතිතුමා ඊටත් වඩා දැඩිලෙස විශ්වාස කරනවා. ලෝකයේ  ඕනෑම රටක් සමග සංසන්දනය කරන්න පුළුවන් මට්ටමට යටිතල පහසුකම් දියුණු කරන්න  ඕනේ කියන කාරණය. එතනදී එස්එල්ටී මොබිටෙල් ආයතනය විශාල වැඩකොටසක් කරගෙන යනවා. අද මොබයිල් ටෙලිකොමියුනිකේෂන් සපයන අනෙකුත් ආයතනත් ලංකාවේ භූමි භාගයෙන් 96% කට වඩා මේ වන විට ආවරණය කරලා තිබෙනවා. තව 4% ක් පමණ ප‍්‍රමාණයක් තමයි ආවරණය කරන්න තිබෙන්නේ. තැන් තැන්වල පොඩි පොඩි පොකට්ස් ඉතිරිවෙලා තිබෙනවා. ඒ වගේ එකක් තමයි මේ කෑරගල ගම්මානය. අපි ඒ වගේ තැන් හඳුනාගත්තහම පුළුවන් තරම් ඉක්මනට ඒ පහසුකම ගෙනල්ලා ඒ ආවරණය ලබාදෙනවා. මේ සම්පේ‍්‍රෂන කුළුණු හරහා ලබාදෙන ආවරණය හරියට පරක් හදනවා වගේ. පාර හැදුවට පස්සෙ තමයි ඒ ගමට අවශ්‍ය විවිධ දේවල් පාරේ එන්න පටන් ගන්නේ. ඒ වගේ මේ ලබාදෙන සන්නිවේදන පහසුකම හරහා තව බොහෝ දේවල් තාක්ෂණය සමග ඉදිරියට එනවා. අපි විශ්ව විද්‍යාලයට යන කාළේ මොබයිල් කොමියුනිකේෂන් කියලා කිව්වේ ශබ්දය විතරයි. ඒ කාලේ ඬේටා තිබුණේ නැහැ. ඒ කාලේ අපි වීඩියෝ කොම්පරන්ස් වගේ දේවල් අහලා පමණයි තිබුණේ. අද එම පහසුකම දුරකථනයටම ඇවිල්ලා තිබෙනවා.   අද ¥රකථනය හරහා අපට බොහෝ දේවල් කරන්න පුළුවන්. තාක්ෂණය දියුණුවන විට මීටත් වඩා දේවල් අපට කරන්න පුළුවන්. අද අපට ලෝකයේ  ඕනෙම කෙනෙක් සමග අපේ ¥රකථනයෙන් කොම්පරන්ස් එකක් කරන්න පුළුවන්. ළමයෙකුට  ඕනෙම විෂයක් අන්තර්ජාලය හරහා අධ්‍යනය කරන්න පුළුවන් පහසුකම අද තිබෙනවා. එයිනුත් ඉදිරියට ගිහින් තාක්ෂණය හු`ගක් දියුණුවන විට ගෙදර ඉඳං තවත් වැඩ කරන්න පුළුවන්.

සමහර වෙලාවට කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ වෙන කොහේ හරි ඉඳලා සැලසුම්කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් තත්වයට තාක්ෂණය ඉස්සරහට අපට එනවා. දැනට තිබෙනවා 4G තාක්ෂණය. ලංකාව පුරාම 90% ක් විතර තිබෙන්නේ එම තාක්ෂණය. ඊ ළගට 5G තාක්ෂණය එනවා. එය ආවට පස්සේ දැනට කොළඹ සහ ප‍්‍රදේශ කිහිපයක අපි එය පාවිච්චි කර බලනවා. එම තාක්ෂණය ආවහම විශාල වැඩ කොටසක් අපට කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය පාරිභෝගිකයින්ට වඩා වේගයෙන් දත්ත ලැබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලාවලට විවිධ ක්‍ෂෙත‍්‍රවලට බොහෝ වැඩ කිරීම සඳහා ඒ හරහා පහසුකම ලැබෙනවා. මේ තාක්ෂණය වෙනස්වන වේගය අපට හිතා ගන්නවත් බැරිතරම් වේගයකින් සිද්ද වෙන්නේ. අපි පහුගිය අවුරුදු 30 ඇතුළත යම්කිසි සංවර්ධනයක් තාක්ෂණ ලෝකයේ දැක්කනම් මම හිතන්නේ ඊට වඩා වැඩි සංවර්ධනයක් ඉදිරි අවුරුදු පහ ඇතුළත දකීවී. ඊට පස්සේ වසරින් වසර හු`ගක් දේවල් වෙනස් වේවි. ඒක නිසා මේ කෑරගල ගම්වාසීන්ට මේ අද ලැබුණ දේ වටිනාකම තේරෙන්නේ අද නෙමෙයි. මේකේ වටිනාකම තේරෙන්නේ හෙට. අනාගතයේදී. ඒ නිසා අනාගතයේ දොරටුව මේ දරුවන්ට විවෘත වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ සියලූ දෙනාගේම වගකීම තමයි මේ ලැබිලා තිබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න එක.

අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පුළුවන් තරම් ආයෝජන ගෙනෙන එක, ව්‍යාපාර පටන් ගන්න එක,     රැකියා උත්පාදනය කරන එක එම අවස්ථාවන් ජනතාවට ලබාදෙන එක. ඒ නිසා මොනවා හරි ඒ වගේ දෙයක් කරන්න යනවිට ඒවට බාධා කරන්නේ නැතිව ඒවට අකුල් හෙලන්නේ නැතිව, කකුලෙන් අදින්නේ නැතිව අපි හැම කෙනෙක්ම මේ රටට අවශ්‍ය කරන දේවලට උදව් කරනවා නම්, ඒවා අගය කරනවා නම්, කරන මිනිසුන්ව ධෛර්යමත් කරනවා නම් අපට මේ රටේ හුඟක් දේවල් ඉස්සරහට කරන්න පුලූවන්.

අපි සතියේ දවස් හතම වැඩ කරනවා. අපි මොනවා හරි දෙයක් කොහේ හරි මේ දිස්ත‍්‍රික්කය තුළ කරනවා. අපි විශ්වාස කරනවා මිනිස්සු අපට ඡන්දෙ දුන්නේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව. අපේ වගකීම තමයි වෙන අය කරන වැඩ විවේචනය කර කර ඉන්නේ නැතිව වෙන අය වැඩ නොකරන එක ගැන කරදර වෙන්නේ නැතිව අපිට හැකි උපරිම මට්ටමෙන් වැඩ කරනවා. අපි එම කාර්යය කරමින් ඉන්නවා. අපි ඉල්ලන්නේ හැම කෙනෙක්ගෙන්ම අපි වගේ තමුන්ගේ කාර්යය කරන්න. තමුන්ගේ කාර්ය හැම කෙනෙක්ම කරනවා නම් අන්තිමට අපේ රට අපට අවශ්‍ය කරන තැනට ගෙනයන්න පුළුවන් වේවි’ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

Related posts

දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්න

Shiran Viraj

විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj