mediahumanrights.lk
Business Business News News

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

එලවළු මිල දිනෙන් දින ඉහල යාම හමුවේ එලවළු වෙලදාම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්,ඒ සදහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවිම හමුවේ එලවළු වෙලදාම සිදුකරගෙන යාම ගැටළුවක් වි ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියේ.

උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400ට වඩා වැඩි මිලකට අලෙවි විම හමුවේ පාරිභෝගිකයන්ද දෛනික අවශ්‍යතාවයට පමණක් එලවළු මිල දි ගැනිම හමුවේ තම වෙලදසැලේ ඉතිරිවන එලවළු තොග බර අඩුවිම සහ නරක්විම නිසා එලවළු වෙලදාමෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

තවද වෙලදපොලට ලැබෙන එලවළු වල සරුභාවයක් නොමැති බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගිකයන්ට වැඩි මිලකට එලවළු අලෙවි කල නොහැකි බවද එම වෙලදුන් කියා සිටියි.

වෙනදා මෙන් තම වෙලදසැල්වල එලවළු ප්‍රදර්ශනය කර අලෙවි කිරිමට තරම් එලවළු තොග නොමැති බවත්, ඉතිහාසයේ එලවළු මිල මෙතරම් ඉහල පළමු අවස්තාව මෙය බවයි වෙලදුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ  

Related posts

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj

සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)

Shiran Viraj