mediahumanrights.lk
Local News News

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි.

කෙසේ වෙතත් අදාල මහනගරසභා පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාල ඒකකයේ කාර්යභාරය පිලිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගරසභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.

එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගරසභා පොලිස් ඒකකයේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධායට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිලඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.

අදාල පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථාන වල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවටය.

එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj

සයිටම් රෝහලෙන් හමුවූ අස්ථි කොටස් තාජුඩීන්ගේද? ඩී.එන්.ඒ වාර්තාව එයි

Shiran Viraj