mediahumanrights.lk
International News News

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාල විධායක නියෝගයට අත්සන් තබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ එම පිරිස්වලට අයත් වයාපාර ද අමෙරිකානු සමබාධක වල ඉල්ක්කය වනු ඇති. එසේම අමෙරිකාවේ ඇති මියන්මාර හමුදාවට අයත් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක වත්කම් අත්හිටුවීමට ද අමෙරිකාව මේවනවිටත් කටයුතු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව මෙලෙස හදිසියේ සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කළේ හමුදා පාලනයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතාවලට සහභාගී වී සිටි 20 හැවිරිදි තරුණියක් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුවයි. එම තරුණිය මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මියන්මාරයේ ආරක්ෂක අංශ වෙතයි. හමුදා පාලනයට එරෙහිව මියන්මාර වැසියන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා. විරෝධතාකරුවන් මර්දනය කිරීමට එරට පාලනාධිකාරිය විසින් කටයුතු කරමින් සිටින බැවින් මියන්මාරයට ජාත්‍යන්තය තුල වැඩි අවධානයක් යොමුව තිබෙනවා .

nethnews

Related posts

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

Shiran Viraj

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj