mediahumanrights.lk
International News News

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ආදි සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් පසුගිය සතිකිහිපය තුළදී අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

සංවිධානාත්මකව සිදුවන බවට හෙළිදරව් වී ඇති මෙම ඝාතනවල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත.

එහෙත් ඇඝ්ගනිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්‍රියාකාරිකයන් තෝරාගෙන තලේබාන් සංවිධානය විසින් මෙම ඝාතන සිදුකරන  බවටයි.

රටේ ප්‍රතිසංස්කරණ අරමුණු වැළැක්වීමේ දිගුකාලීන අරමුණක් සහිතව මෙම ඝාතන සිදුකරන බවද එරට ආරක්ෂක අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Related posts

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතී

Shiran Viraj

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Shiran Viraj

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj